Saturday, May 10, 2014

doctors @ nurses


සූතිකාගාරය හෙදියන්ගේ වින්නඹුවන්ගේද ?

සෞඛ්‍ය සේවාව අපේ රටේ පොදු ජනතාවගේ ප්‍රබල අයිතිවාසිකමකි. එය නොපිරිහෙලා ඉටු කර දීමට රජය බැඳී සිටී. ඒ සඳහා වාර්ෂිකව සුවිශාල මුදල් සම්භාරයක්‌ වැය කරමින් විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සුළු සේවකයා දක්‌වා ක්‍රමවත් කාර්ය මණ්‌ඩලයක්‌ පවත්වා ගෙන යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙයි. මෙම කාර්ය මණ්‌ඩලය තුළ හෙද සේවයට අයත් වන්නේ අද්විතීය වගකීමකි. රෝගීන් සුවපත් කිරීම ක්‍රියාමාර්ගයේදී අදාළ වෛද්‍යවරයාගේ වෛද්‍ය කර්මයට අදාළ හෙද කාර්යය සිදුවන්නේ එම කාර්ය මණ්‌ඩලයෙනි.

ශ්‍රී ලංකාවේ හෙද කාර්ය මණ්‌ඩලයට සූතිකා පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය කරුණක්‌ සේ සලකා මීට වසර 134 කට පෙර එනම් 1880 වසරේදී හෙදියන් සඳහා සූතිකා පුහුණුව ආරම්භ විය. එසේම හෙද කාර්ය මණ්‌ඩලයට අමතරව 1981 වසරේදී පවුල් සෞඛ්‍ය සේවාව නමින් සූතිකා පුහුණුව ලබාගත් කාර්ය මණ්‌ඩලයක්‌ ද බිහිවූයේ හෙද කාර්ය මණ්‌ඩලයේ පැවැති ප්‍රාමාණික ඌනතාවයට විසඳුමක්‌ වශයෙනි.

එසේම 1967 දී එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ එම්. ඩී. එච්. ජයවර්ධන මැතිතුමා විසින් ගෙන ආ යෝජනාවක්‌ වූයේ හෙද විදුහලෙන් පිටවන සියලුම හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදිය යුතුය යන්නයි. මීට වසර 47 කට පෙර ගෙන ආ එම යෝජනාව ද ක්‍රියාත්මක නොවූයේ හෙද කාර්ය මණ්‌ඩලයේ එදා පැවැති ඌනතාවය නිසා ය.

ජාත්‍යන්තර වශයෙන් ගත් කල කිසිදු රටක MIDWIFE යන නමින් සේවාවක්‌ හෝ තනතුරක්‌ නොමැත. එවැනි සේවාවක්‌ පවත්වා ගෙන යන ලෝකයේ එකම රට ලංකාවයි. ලොව සෑම සෞඛ්‍ය සේවාවකකම සූතිකාගාර ක්‍රියාවලිය අයත්ව ඇත්තේ සූතිකා හෙදියටයි. (NURSE MIDWIFE) පවුල් සෞඛ්‍ය සේවාවක්‌ අපේ රටේ පවත්වාගෙන යන්නේ ක්‍ෂේත්‍රයේ පවතින, මව්, ළදරු, පවුල් ගැටලු, සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයන් නිරීක්‍ෂණය කොට සේවාවන් සිදු කිරීම පිණිසයි. එබැවින් එම සේවය හා ඔවුන්ගේ කැපවීම් මහත් සේ අගය කළ යුතු බව ද සඳහන් කරමි.

විවිධ වෘත්තීය සමිති මගින් තම පැවැත්ම උදෙසා කරනු ලබන උසිගැන්වීම් මගින් කලබලයට පත් වින්නඹු මාතාවෝ හෙදියන්, සූතිකා පුහුණුව ලැබීම ගැන අනිසි බියකින් හා තැතිගැන්මකින් පසුවෙති.

හෙදියන් වින්නඹුවන් සියල්ලම රෝහල් කාර්ය සඳහා පොරබදින අතර ක්‍ෂේත්‍රයේ පවතින සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීමට පවුල් සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීමට වෙනත් සේවාවක්‌ අවශ්‍ය වේ. පවුල් සෞඛ්‍ය සේවිකාවන් බහුතරයක්‌ ක්‍ෂේත්‍රය තුළ සේවය කරන අතර, රෝහල්වල සූතිකාගාර සේවය සඳහා ද කුඩා සංඛ්‍යාවක්‌ රැඳී සිටී. පවුල් සෞඛ්‍ය සේවිකාවන් රෝහල් තුළ අභ්‍යන්තර සේවිකාවන් ලෙස ඇතුළත් වීමට දරන උත්සාහය ද සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින එක්‌තරා ගැටලුවකි. බහුතරයක්‌ ක්‍ෂේත්‍රය තුළත් සුළු ප්‍රමාණයක්‌ රෝහල් තුළත් සේවය කිරීමෙන් පැහැදිලි වන කරුණක්‌ වන්නේ එම සේවය ක්‍ෂේත්‍රයේ මව් ළදරු පවුල් ගැටලු නිරාකරණය කිරීම පිණිස ආරම්භ කරන ලද්දක්‌ බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සූතිකාගාර සේවය සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දී ඇත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් හා සූතිකා පුහුණු හෙදියන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ පවුල් සෞඛ්‍ය සංගමය නොදැන සිටීම පුදුමයට කරුණකි. ජාත්‍යන්තරය පිළිගෙන ඇති ආකාරයට ලංකාවේ හැර ලෝකයේ සෑම රටකම සූතිකා පුහුණුව ලබා ගැනීම සඳහා තිබිය යුතු අනිවාර්ය සුදුසුකම වන්නේ තුන් අවුරුදු හෙද පාඨමාලාවයි. අවාසනාවකට ලංකාව තුළ පමණක්‌ යම් මට්‌ටමකට මෙම තත්ත්වය වෙනස්‌ වී ඇති බව පෙනේ.

වින්නඹු සේවාවට හෙද සේවාව භාරදීම සෞඛ්‍යයට අහිතකර වුවද හෙද සේවාවට වින්නඹු සේවාව MIDWIFE භාරදීම කිසිසේත් ම සෞඛ්‍යට අහිතකර නොවන බව අවධාරණය කළ යුතුය. තුන් අවුරුදු පුහුණු පාඨමාලාව මගින් ලබා ගන්නා දැනුමත්, වසරක සූතිකා පුහුණුව සමඟ සිව් වසරක පුහුණුක්‌ ලබන හෙදියකගෙන්, රෝගියාට ලැබෙන සේවාව, වසර 1 1/2 ක පුහුණුවක්‌ ලබන වින්නඹු සේවිකාවකට සමාන කළ හැකිද?

සූතිකාගාරය තුළ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ කාර්යභාරය සීමිතය. එනම් දරුවා බිහිවීමට පෙර දරුවාගේ හෘද ශබ්දය (Fetel Heart Sound) ඇසීමත් එය සටහන් කිරීමත් සාමාන්‍ය ප්‍රසවයට (Normal Vaginal Delivery) උපකාර කිරීමත්, දරුවා බිහි වූ පසු අපරාවය (Placenta) සහ එහි කොටස්‌ ඉවත් කිරීමත් යන කාර්ය පමණක්‌ වින්නඹු සේවිකාවගේ කාර්යභාරය වේ.

නමුත් රෝගියාගේ ඇඳ ඉහපතෙහි සහ වෙනත් කිසිම ලේඛනයක සටහන් තැබීමට පවුල් සෞඛ්‍ය සේවිකාවට අවසර නැත. දරුවා සහ මව පිළිබඳ සියලු ලේඛන සටහන් පවත්වාගෙන යන්නේ වෛද්‍යවරයා හා සූතිකා පුහුණුවලත් හෙදියයි. මේ අනුව පෙනී යන්නේ මවගේත්, දරුවාගේත් සෞඛ්‍ය පැවැත්ම සඳහා වින්නඹු කර්මය පමණක්‌ ප්‍රමාණවත් නැති බවයි.

උදාහරණයක්‌ ගෙන බලමු. දරු ප්‍රසූතියකින් පසුව යම් මවකට පසු ප්‍රසව රක්‌තපාතය (Post Partum Haemorrhahge) ඇති විය හැකිය. වෛද්‍යවරයකු සූතිකාගාරය තුළ පැය 24 පුරාවටම රැඳී සිටින්නේ නැත. මවගේත් දරුවාගේත් සියලුම කටයුතු සිදුවන්නේ හෙදියන්ගේ නිරීක්‍ෂණය හා අධීක්‍ෂණය යටතේ ය. ඉහත කී, පසු ප්‍රසව රක්‌තපාතයකදී හෙදිය මවගේ ජෛව ලක්‍ෂණවලින් හා නිරීක්‍ෂණ තුළින් සිදුවිය යුතු දේ වටහා ගෙන අවශ්‍ය මූලික කටයුතු සිදුකරන අතර වෛද්‍යවරයෙකුට තත්ත්වය දැනුම් දීම ද සිදු කරයි. වෛද්‍යවරයා පැමිණෙන තුරු රෝගියා ජීවිත අවදානමෙන් මුදා ගන්නේ හෙදියයි. ඇයට ඒ සඳහා ප්‍රමාණවත් පුහුණුව ලැබී ඇත. තත්ත්වය මෙසේ තිබියදී සූතිකාගාර තුළට හෙදියන් එපා යෑයි කියන්නේ පියවි සිහියෙන් දැයි සැකයක්‌ මතු වේ.

ප්‍රසව හා නාරිවේද මහාචාර්යවරුන් විසින් පවත්වාගෙන යනු ලබන ඒකකවල (Prof Unit) ළදරුවන්ගේ හා මවගේ සම්පූර්ණ වගකීම භාර දී ඇත්තේ වින්නඹු සේවිකාවට නොව සූතිකා පුහුණුව ලත් හෙද නිලධාරිනියටයි. ද සොයිසා කාන්තා රෝහල, කළුබෝවිල, අනුරාධපුර ආදී රෝහල්වල මෙම ඒකක පිහිටුවා ඇත. මේ අතර ජයවර්ධනපුර රෝහලේ ආරම්භයේ සිට මේ දක්‌වා (වසර 28 ක්‌) සූතිකාගාරවලට හා මාතෘ වාට්‌ටුවල සේවය කරන්නේ සූතිකා පුහුණුව ලත් හෙදියන් පමණි. එම ඒකක අසලකටවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගෙන නැත. මහාචාර්යවරුන් ද තීරණය කර ඇත්තේ තම ඒකක පරිපාලන කටයුතු කළ යුත්තේ විශේෂ සූතිකා පුහුණුවලත් හෙද නිලධාරිනියන් පමණක්‌ බවයි. මේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොදැන සිටීම අරුමයකි. වෙනත් වෘත්තියක්‌ හෝ එහි නියෑළෙන්නන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමක්‌ හෙදියන් වන අපට අවශ්‍ය නොවේ. හෙදියන් සූතිකා පුහුණුව ලබා ගන්නේ එම සේවයේ ගුණාත්මක බව වර්ධනය කර ගැනීමට විනා වෙනත් මූල්‍යමය අගයක්‌ ලබා ගැනීමට නොවේ. නමුත් හෙදියකගෙන් සූතිකා කර්මය ලබා ගැනීමට හැකියාවක්‌ උදාකර ගත හැකි නම් ඒ සඳහා වැය කළ යුතු වෙනත් සේවාවක විශාල මුදලක්‌ රජයට ඉතිරි වේ. රෝහල් තුළ සිරවී සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වටිනා සේවය වෙනත් අංශයන් සඳහා යොමු කළ හැකිය.

රජයේ වෛද්‍ය සංගමය වෛද්‍ය ආඥාපනතේ 54 වැනි වගන්තිය ඉදිරියට ගෙන ශබ්ද නගා කියා සිටින්නේ zසූතිකාගාරයක්‌ තුළට වෛද්‍යවරයා සහ වින්නඹු සේවිකාව හැර වෙන කාටවත් එන්න දෙන්නට එපා" කියා ය. ඔවුන් එසේ සඳහන් කරන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගැන නොවේ. සූතිකා කර්මය හෙවත් වින්නඹු කර්මය පුහුණු නිලධාරිනියන් (Midwifery Trained) පිළිබඳවයි. හෙදිය ලබා ඇත්තේ ද, හෙදියන් පුහුණු කරන්නේද එම වින්නඹු කර්මය බව අමතක නොකළ යුතු ය. ඇය එවිට වින්නඹු මාතාවකි. මෙහි විශේෂත්වය වන්නේ හෙදියක්‌ වින්නඹු මාතාවක්‌ වීමයි. එය මවගේත් දරුවාගේත් ආරක්‍ෂාව පිළිබඳ සහතිකයක්‌ වේ. තවද ක්‍ෂේත්‍රයේ පවතින සායනවල පිරිමි හෙද නිලධාරීන් විසින් දරු ප්‍රසූතිය සිදුකරගෙන යන බවට අසත්‍ය ප්‍රචාරයක්‌ ද

රැගෙන යන බැවින් එය ද මෙම උද්ගත වී ඇති තත්ත්වය සමථයකට පත් කිරීමට බාධාවක්‌ බව පෙනේ.

පිරිමි හෙද නිලධාරීන්ට සූතිකා පුහුණුවක්‌ ලබා නොදෙන බවත්, ඔවුන්ට ලබාදෙන්නේ මානසික සෞඛ්‍ය පුහුණුවකි. සූතිකාගාරවල පමණක්‌ නොව කිසිම මාතෘ වාට්‌ටුවක පිරිමි හෙද නිලධාරීන් සේවය නොකරන බවත්, එසේ කිරීමට කිසිදු අදහසක්‌ නොමැති බවත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.

මේ වන විට එම සත් කාර්යය සඳහා කිසිදු බාධාවකින් තොරව රජය අවසර ඉඩ ප්‍රස්‌ථාව ලබා දී ඇති නිසා තවදුරටත් හේතු පාඨ ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. යහපත් සෞඛ්‍ය සේවාවක්‌ අපේ රටේ ජනතාවට ලබාදීම පිණිස සියලු රෝහල් කාර්ය මණ්‌ඩල ඊර්ෂ්‍යාව, වෛරය හා කුහකකම් ඉවතලා යහපත් ෙච්තනාවන්ගෙන් කටයුතු කිරීම වැදගත් වේ.

ක්‍රිශාන්ති ගංගා කුමාරි
රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය


දොස්‌තරවරුන් දොස හැම විපතට මුලද?

මෙරට ව්‍යවස්‌ථාදායකය ස්‌ථාපිත කිරීම හෙවත් ආණ්‌ඩු තැනීමේ යෙදෙන්නෝ රටේ පොදු ජනතාව වන්නාහ. අපේ දේශපාලක උතුමන් ඡන්දය ඉල්ලන්නේය. එහිදී ඉල්ලන ඡන්දය දෙන්නේ ජනතාවය. ආණ්‌ඩුවක්‌ හැදෙන්නේ ඒ අනුවය.

නමුත් එසේ මිනිසුන් ඡන්දයෙන් පත් කර ගන්නා ආණ්‌ඩුවක්‌ යම් තැනකදී Rජුව කටයුතු නොකාට දෙපැත්තටම නැති නපුංශක ලීලාවෙන් ක්‍රියා කරන්නේ නම් එහිදී බැට කන්නේද මැති සබයේ සිටින උතුමන් නොව ඔවුන් සබයට යෑවූ ජනතාවමය.

ඒ පිළිබඳ කිසිදු තර්කයක්‌ද නැත. ඉකුත් සතියේ ජනතාව අසරණ කරමින් රට පුරා රජයේ රෝහල්වල රාජකාරි කළ හෙද හෙදියන් තෙදිනක්‌ පුරා ක්‍රියාත්මක කළ ම්ලේච්ඡ වැඩ වර්ජනය ඊට ඕනෑ තරම් උදාහරණ ගෙන දුන්නේය.

දකින්නට ලැබුණු පරිදි හා රටටම දැනුණු පරිදි එකී අමානුෂික වර්ජනයේදී සිදු වූ දේ බොහෝය. වර්ජනයට එක්‌වූ හෙද හෙදියන් පමණක්‌ නොව ඔවුන්ට නායකත්වය දෙමින් නන් දෙඩවූවන් සියලු දෙනා එක්‌ව හෙදකම කෙසේ වෙතත් ප්‍රභාකරන්ගෙන් අවසන් පුහුණුව ලද්දවුන් මෙන් මේ රටේ නැති බැරි අහිංසකයන් හා රෝගී ජනතාව ප්‍රාණ ඇපයට ගත්තාහ.

එහිදී කුරුණෑගල රෝහලේ හෙද හෙදි ම්ලේච්ඡත්වය හමුවේ දරු ප්‍රසූතියක්‌ සඳහා පැමිණි මවකට සදාකාලිකවම දරුඵල අහිමි වෙද්දී නිරෝගීව මව් කුස තුළ හිඳ මොලොවට ආ කිරිකැටියකුට අසාධ්‍ය තත්ත්වයෙන් දැඩිසත්තාර ඒකකයක මවගේ උණුසුමද අහිමිව තනි වෙන්නට සිදු විය. ඒ දරු පැටියා දැනුදු සිටිනුයේ දැඩි සත්කාර ඒකකය තුළය.

එසේම රටට බත සපයන්නට ගොස්‌ වකුගඩු රෝගීන් වී ජීවිතය විඳවමින් සිටි මිනිසුන් රුධිර කාන්දුකරණය සිදු කර ගැනීමට බැරි වීම හමුවේ දැනෙන්නට වූ ශාරීරික වේදනාව උසුලාගත නොහැකිව "අප මරා දමාපියව්" කියමින් වර්ජනයේ යෙදුණන්ට දෙස්‌ දෙවොල් තබන අතරේ අනුරාධපුර මහ රෝහල ඉදිරිපිට හිඳගෙන කඳුළින් දුක දියකරන්නට විය.

මෙකී අමානුෂික වර්ජනය හේතුවෙන් සිදුවූ රෝගී මරණ සංඛ්‍යාව දෙකකි. ඒ වාර්තා වූ ඒවා පමණි. නොවූ ඒවා කොතෙක්‌ දැයි අපි නොදනිමු. මහනුවර රෝහලින්ද වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සිදු නොකෙරුණු බවක්‌ ඇසිණි. පැහැදිලිවම කිවහොත් වර්ජනය පැවති එකී මූසල තෙදින පුරා රටේ සෑම රෝහලකින්ම ඇසුණේ අමිහිරි කතාම පමණි.

ඒ අතරේ තිරිසනුන් ලෙස ක්‍රියාත්මක වූ ඇතැම් රෝහල්හි හෙද හෙදියන් ඖෂධ බහාලනවල ලේබල් මාරු කර කිසිවකුටත් රෝගීන්ට පිහිට විය නොහැකි වන අයුරින් ඔෂධ හා වෛද්‍ය උපකරණ සහිත කාමරවල යතුරු රැගෙන යැමේ කතාද විය. මෙකී වර්ජනය රෝගීන් ප්‍රණ ඇපයට ගෙන සිදු කළ ම්ලේච්ඡ එකක්‌ යෑයි අප කියනුයේද එසේ අසන්නට ලැබුණු නොමිනිස්‌කම් හමුවේය.

හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා දිය යුතුයෑයි රජය ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයකට රජයේ වෛද්‍යවරුන් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධය පෑම මෙම වර්ජනයට මූළ බීජය වී තිබිණි.

එහෙත් මෙකී වර්ජනය පමණක්‌ නොව අද දවසේ මෙරට සෞඛ්‍ය සේවය දෙස විමර්ශනාත්මකව බැලීමේදී අපට පැහැදිලිවම පෙනී යන එක්‌ කරුණක්‌ ඇත. ඒ කාට හෝ වේවා ඕනෑම පුහුණුවක්‌ දීමට පෙර මෙරට සෞඛ්‍ය සේවයේ වෛද්‍ය, හෙද හෙදි, සුළු සේවක ආදී ලෙසින් වූ සමස්‌තයට ඉතා ඉක්‌මනින් මිනිස්‌කම පිළිබඳ වන චර්යාත්මක පුහුණුවක්‌ ලබා දිය යුතුය යන්නය.

ප්‍රතිපත්තිමය තීරණ ගෙන වැඩේ ගැස්‌සුණ විට ජාතික වශයෙන් වැදගත් වුවද ඉදිරියට තැබූ පය ආපස්‌සට ගනිමින් නපුංශක න්‍යායෙන් කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු "බීරි අලින්ට" ඇසෙන්නට අපි ඒ බව කියන්නෙමු.

කැස්‌සක්‌ ආවත් රෝගීන් ඇපයට ගෙන අකුරට වැඩ හෝ වර්ජන පොල්ල දමන අතරේ රෝහලට එන රෝගියා තමන්ගේ යටත් වැසියකු සේ සිතා තිරිසන් අන්දමින් කටයුතු කරන අවස්‌ථා තවමත් ඉඳ හිට අපේ සෞඛ්‍ය සේවය තුළින් ඇසෙමින් තිබීම එවන් වූ චර්යාත්මක පුහුණුවක අවශ්‍යතාව හොඳින් පැහැදිලි කරන්නකි.

හෙදියනට සූතිකා පුහුණුව ලබා දෙන්නට සෞඛ්‍ය බලධාරින් ගත් තීරණය හමුවේ අවසානනයේ මෙසේ ඔවුන් වර්ජනයක්‌ වෙත තල්ලු වීම යැම දක්‌වා වු සිද්ධි පෙළ තුළ මේ වන විට අපට පෙනෙමින් සහ දැනෙමින් තිබෙන දේ ද බොහෝය. මෙරට වෛද්‍ය අඥපනත හා සෞඛ්‍ය රෙගුලාසි අනුව දරු ප්‍රසූතියකදී සූතිකාගාර සේවයට එක්‌ විය හැකි අවසරය සහිත කණ්‌ඩායම් තුනක්‌ සිටිති.

ඒ අතරින් මූලිකම තැන හිමි වන්නේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ටය. දෙවන තැන නෛතික වශයෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට හිමිව තිබෙන අතර තුන්වන පාර්ශ්වය වන්නේ සූතිකාගාර පුහුණුව න්‍යායාත්මක හා ප්‍රයෝගික වශයෙන් වසරක කාලයක්‌ සම්පූර්ණ කර ඇති වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙදියන්ය.

හෙද සේවා ව්‍යවස්‌ථාවට අනුව මෙරට කාලයක සිට ක්‍රියාත්මක වූ ක්‍රමවේදය පරිදි රජයේ සෞඛ්‍ය සේවයේ සිටින හෙදියක්‌ පළමු ශ්‍රේණියේ හෙදියක ලෙස උසස්‌වීම් ලැබීමේදී සූතිකාගාර පුහුණුව අනිවාර්ය විය. මෙහිදී හෙදියන්ට සූතිකාගාර පුහුණුව අනිවාර්ය වන්නාක්‌ මෙන් හෙද නිලධාරින් මානසික සෞඛ්‍ය පිළිබඳ පුහුණුවක්‌ ලැබිය යුතු වූවේය.

මීට අමතරව මාතෘ රෝහල් වැනි විශේෂිත ඒකකවල රාජකාරි කරනු ලබන සියලු හෙදියන්ට ඒ ඒ අවස්‌ථා අනුව සූතිකාගාර පුහුණුව ලබා දීමද මෙරට සෞඛ්‍ය සේවයේ මෙතෙක්‌ කලක්‌ ක්‍රියාත්මක වූ පැහැදිලි වැඩපිළිවෙළකි. ඉහත කී පරිදි හෙදියනට සූතිකාගාර සේවයේ සඳහා නෛතික අවසරය ලැබී ඇත්තේ ද මේ අනුවය.

එසේ නම් මින් පැහැදිලිවම ගම්‍ය වන එක්‌ කරුණක්‌ ඇත. ඒ හෙදියනට සූතිකාගාර සේවය යන්න අදාළ වන කරුණක්‌ බවය. ලෝකය දෙස අවධානය යොමු කිරීමේදී එය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්‌ වූවක්‌ බවද තහවුරු වන්නේය.

පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙරට පුහුණුව ලබන නවක හෙදියනට හෙද අභ්‍යාස විද්‍යාල පාඨමාලාවෙන් පසු වසරක කාලයක්‌ සූතිකාගාර පුහුණුවක්‌ ලබා දිය යුතු බවට වූ ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන්නේ මේ අනුව යමිනි. දිගින් දිගටම හෙද සංගම් වෙතින් ඒ පිළිබඳ කළ කරුණු දැක්‌වීම් ද රජයේ එකී තීරණයට හේතු වූවා විය හැකිය.

ඉහත කරුණු දෙස බැලීමේදී රජය ගනු ලැබූ එකී ප්‍රතිපත්තිමය තීරණයේ දොසක්‌ද නොපෙනෙන්නේය. මෙම තීරණය හමුවේ තුන් වසරක පාඨමාලා කාලය සිව් වසරක්‌ දක්‌වා දීර්ඝ වෙමින් එය ජාත්‍යන්තරව පිළිගන්නා තත්ත්වයට පත් වීමද තවත් පැත්තකින් සිදුවන්නකි. එහිදී ශ්‍රී ලංකාවේ පුහුණුව ලද හෙදියක්‌ පුහුණුවේ අවසානයත් සමග ජාත්‍යන්තරව පිළිගැනෙන වෘත්තික මට්‌ටමකට ළඟා වන්නේ නිරායාශයෙනි. එය රටට ආඩම්බර විය හැකි කරුණක්‌ බව කිසිවකුටත් අමුතුවෙන් වටහා දිය යුතුද නොවේ.

තත්ත්වය මෙය නම් මෙරට හෙදියනට සූතිකාගාර පුහුණුව ලබා දීමට රජය ගන්නා තීරණය හමුවේ විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් හා සූතිකාගාර සේවය සඳහා නෛතික අවසර ඇති පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධය දක්‌වනුයේ කුමක්‌ අරබයාද?

කවුරුන් කෙසේ කුමක්‌ කීවද මේ තුළ පැහැදිලි ලෙසම ඇත්තේ "අපට වඩා කවුරුත් නැතැයි" ලෙසින් සිතමින් කලක සිට පොලොවේ පය නොතබා අධි මානසිකත්වයක්‌ සහිතව අඟල් දෙක තුනක්‌ උඩින් යන්නට හදන මෙරට ඇතැම් වෛද්‍ය වෘත්තිකයන්ගේ හිස්‌ මුදුණින් පිටතට එන කුහකත්වය බව කියන්නට අපි පසුබට නොවන්නෙමු.

එකී කුහකත්වය සමග සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය තුළ තමන් ගොඩනඟාගෙන තිබෙන ඒකාධිකාරයට පහරක්‌ එල්ල වෙයෑයි ලෙසින් වන මානසික ව්‍යාධියද මෙහිදී මුල් තැනක තිබෙන්නේය. මේ සියල්ලට මැදි වී සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් කිසිදු වග විභාගයකින් තොරව අපූරුවට "ඇඳගෙන" නටන්නට වීම මෙහිදී ඔවුන් දැක්‌වූ විරෝධයේ හරය බවට පත්ව තිබිණි. මෙකී කිසිදු වෘත්තියක්‌ හෑල්ලු කිරීමේ අදහසක්‌ අපට නැත. සෞඛ්‍ය සේවයේ සියලු වෘත්තීන්හි මහා වටිනාකමක්‌ ඇති බව මේ රටේ ජනතාව හොඳින් වටහාගෙන සිටින්නාහ.

"දොස්‌තර මහත්තයා දෙයියෙක්‌" යෑයි අපේ මිනිසුන් කිසිදු ලෝබකමක්‌ නොමැතිව කට ඇර පවසන්නේද එනිසාය. නමුත් රටේ මිනිසුන් එසේ දෙවියන් යෑයි කීවද දිගින් දිගටම සිදු වෙමින් තිබෙන්නේ දෙවියා යකාට රඟන්නට වීමය. මෙතෙක්‌ කලක්‌ වෘත්තීය ගරුත්වය හමුවේ අපි ඒ දෙස බලා සිටියෙමු. එහෙත් දිගින් දිගටම දෙයියා "යකා" වන්නට සිදු වන්නේ කුමක්‌ද?

මෙරට සෞඛ්‍ය සේවය සඳහා හෙදියක බඳවා ගැනීමේදී පිළිගත් අධ්‍යාපන මට්‌ටම ලෙස සලකනු ලැබුවේ ජීව විද්‍යා හා ගණිත අංශයේ හෝ ජීව විද්‍යාව, රසායන විද්‍යාව ඇතුළත් කෘෂි විද්‍යා අංශයෙන් අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්‌ පෙළ හදාරා එම කඩඉම් විභාගයෙන් ඕනෑම විශ්වවිද්‍යාලයකට ඇතුළු වීම සඳහා වූ පූර්ව සුදුසුකම් ලබා තිබීම විය.

වර්තමානයේ සෞඛ්‍ය සේවයේ විධායක ශ්‍රේණිය දක්‌වා ඉදිරියට එමේ අවස්‌ථාවද මෙසේ බඳවා ගනු ලබන හෙද සේවයට හිමිට තිබෙන්නකි. නමුත් පවුල් සෞඛ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේදී අධ්‍යාපන මට්‌ටම ලෙස සැලකිල්ලට ගනු ලැබුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ සමත් වීම පමණි.

මෙහිදී පවුල් සෞඛ්‍ය සේවිකාවක්‌ පුහුණු කිරීමේදීද ඔවුනට ලබා දෙනුයේ වසර එකහාමාරකට සීමා වූ මාතෘ හා ළමා සෞඛ්‍යය මත පදනම්ව ඇති ප්‍රජා පාදක පුහුණුවකි. නමුත් හෙදියක පුහුණු කිරීමේදී සිදු වන්නේ ඉන් එහාට ගිය පුළුල් වැඩපිළිවෙළකි. සංකූලතා හඳුනා ගැනීමේ සිට රෝගී පුද්ගලයකු හොඳින් රැකබලාගෙන සත්කාර කටයුතු කළ හැකි තෙවසරක විධිමත් පුහුණුවක්‌ හෙදියකට ලැබෙන්නේය.

මෙසේ පුහුණුව ලැබීමෙන් පසු පවුල් සෞඛ්‍ය සේවිකාවකට නෛතික වශයෙන් ලැබෙනුයේ මවක සාමාන්‍ය දරු ප්‍රසූතියක්‌ සිදු කිරීමේදී පළමු ශ්‍රේණියේ හෙදියකගේ හෝ වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය සමග එයට සහාය වීමේ අවස්‌ථාවය. නමුත් විශේෂිත ප්‍රසූතියකදී එයට දායක වීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට නොහැකිය. එවන් විශේෂිත අවස්‌ථාවකදී රෝගියාගේ වගකීම දරණුයේ සූතිකාගර පුහුණුව ලද හෙදියන් හා වෛද්‍යවරුන්ය.

එසේම මෙරට ඇතැම් රෝහල් තුළ පවතින මහාචාර්ය ඒකක තුළදී සිදු කෙරෙන දරු ප්‍රසූතියකට සහභාගි වීමටද පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට නොහැකිය. යම් අවස්‌ථාවල මීට පිටින් කටයුතු සිදු වනවා විය හැකිය. නමුත් පිළිගත් ක්‍රමවේදය ඇත්තේ එකී තැනය. අද දවසේ විධිමත් පුහුණුව ලද හෙදියකගේ සහ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ භූමිකාව සූතිකාගාර සේවයේදී පිළිගැනීමට ලක්‌වන්නේ එලෙසිනි.

නමුත් මේ සියල්ල මෙසේ වෙද්දී අද ආන්දොaලනයක්‌ බවට පත්ව තිබෙන හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා දීම හමුවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ රැකියාවට හෝ වෙන යම් වරප්‍රසාදයකට පහර වදින්නේ නම් ඒ දොස්‌ නිදොස්‌ කිරිමට රජය පියවර ගත යුතුය. එහි විවාදයක්‌ නැත.

හෙදියන්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ යථාර්ථවාදී කතාව එසේ වෙද්දී මෙරට සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ මේ වන විට දැඩි ලෙස කතා බහට ලක්‌ වන තවත් පිරිසක්‌ද වන්නාහ. ඒ භෞත චිකිත්සක, රසායනාගාර කාර්මික විද්‍යාඥ, විකිරණ ශිල්පීන් සහ වෘත්තීය චිකිත්සක ආදී ලෙසින් මෙරට සුවහසක්‌ රෝගීන් වෙනුවෙන් අපමණ සේවයක යෙදෙන පරිපූරක වෛද්‍ය සේවයට අයත් පිරිසය.

මෙසේ පරිපූරක වෛද්‍ය සේවයට බඳවා ගැනීමේදීත් කාලයක සිට සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ පිළිගත් ක්‍රමය වූයේ උසස්‌ පෙළ විභාගයේ ඉහළ සුදුසුකම් තුළින් ඒ සඳහා පිරිස්‌ තෝරා ගැනීමය. එසේ තෝරා ගත් පිරිස්‌ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ වසර දෙකක ඩිප්ලෝමා පාඨමාලාකින් පසු පරිපූරක වෛද්‍ය සේවයට බඳවා ගැනීම සිදු විය.

නමුත් මෙහිදී ඔවුන් හදාරණු ලබන දෙවසරක ඩිප්ලෝමා පාඨමාලාව න්‍යායාත්මක දැනුම අඩු එකක්‌ බවට කාලයක සිටම සෞඛ්‍ය බලධාරින් අවබෝධ කරගෙන තිබුණකි. ඒ අනුව වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව රටේ ජනතාවට විධිමත් සෞඛ්‍ය සේවයක්‌ ලබා දීමේ සද් අරමුණින් යුතුව මහාචාර්ය කාලෝ ෙµdන්සේකා වැනි ලොව පිළිගත් විද්වතුන්ගේ සහාය ඇතිව පරිපූරක වෛද්‍ය සේවාවේ ඌන දැනුම වර්ධනය කිරීම සඳහා විසඳුමක්‌ සොයන්නට විය.

අපේ විද්වත්හු ලොව සංවර්ධිත රාජ්‍යයන් වෙත ගියහ. ඒ රටවල සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයන්හි පවතින ක්‍රමවේදය කුමක්‌දැයි සොයා බලන්නට වූහ. අවසානයේ විසඳුම සොයා ගනු ලැබිණි. ඉකුත් කාලයේ රජයේ තීන්දුවකට අනුව මෙරට පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් හතර සහ හෙද සේවය එක්‌ කරමින් සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව ලෙසින් විධිමත් සිව් අවුරුදු පාඨමාලාවක්‌ ඇරඹෙන්නේ ඒ අනුවය.

සාමාන්‍යයෙන් සිව් අවුරුදු උපාධි පාඨමාලාවක්‌ යනු ජාත්‍යන්තර වශයෙන් හොඳ පිළිගැනීමක්‌ ලැබෙන අධ්‍යාපන තත්ත්වයක්‌ බව උසස්‌ අධ්‍යාපනය පිළිබඳව මෙන්ම ලෝකය පිළිබඳ අවබෝධයක්‌ ඇති ඕනෑම අයකුට ඇඟිල්ලෙන් ඇන කියා දිය යුතු නොවන්නකි.

නමුත් රටේ ජනතාවගේ යහපත අරබයා වෛද්‍ය වෘත්තිය පරිදි සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තීන් සඳහාද දැනුමෙන් සන්නද්ධ ජාත්‍යන්තර මට්‌ටමේ පිරිසක්‌ බිහි කිරීම සඳහා රජය ගනු ලැබූ එකී උත්සාහයට අද අත් වී ඇති ඉරණම කෙසේ වී තිබේද?

සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවට ඇතුළත්ව අධ්‍යාපනය ලබමින් සිටි අපේ දරුවෝ දැන් දින සියයකටත් වැඩි කාලයක සිට වැස්‌සට තෙමෙමින් අව්වට වේලෙමින් සාධාරණය ඉල්ලා මහමගට වී ජීවිතය විඳවන්නාහ. ඒ සිව් අවුරුදු උපාධි පාඨමාලාව තුන් අවුරුදු එකක්‌ දක්‌වා කප්පාදු කිරීමට ගැනුණු තීරණයක්‌ හමුවේය.

එහිදී ද පොල්ල අතට ගෙන ඇත්තේa රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ය. මතුව ඇත්තේ මීට ඉහතදීද කී හිස්‌ මුදුණින් විහිදෙන කුහකකමය. ඒ අතරේ අධි මානසිකත්වයට යටින් විහිද යන හීනමානයක්‌ද මේ වන විට පෙනෙන්නට තිබෙන්නේය.

වර්තමානයේ මෙරට සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ පරිපාලනයේ සිට සියල්ලේ ඒකාධිකාරය ඇත්තේ වෛද්‍යවරුන් අත ය. රටේ ව්‍යවස්‌ථාපිතව නැතත් වෛද්‍යවරුන් විසින් කියා ගන්නා වෛද්‍ය පරිපාලන සේවයක්‌ පිළිබඳ කතාවක්‌ ඇසෙමින් තිබෙන්නේ එනිසාය. රාජ්‍ය පරිපාලනයේ නිලධාරිහු කොටසක්‌ දැනුදු සෞඛ්‍ය පරිපාලන කටයුතුවල නියෑළී සිටිති. එහෙත් ඒ නිලධාරින්ද සෞඛ්‍ය පරිපාලනයෙන් පන්නා දමා සියල්ල තමන් සතු කර ගැනීම සඳහා මේ මොහොතේ ඊනියා වෛද්‍ය පරිපාලනයේ කණ්‌ඩායම් සිදු කරන කුමන්ත්‍රණ අපමණය.

ඒ අස්‌සේ ආණ්‌ඩුව සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවක්‌ අරඹා දැනුමෙන් පෝෂිත පිරිසක්‌ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට ගෙන ඒම සඳහා කටයුතු කරන්නට හැදුවේය. හෙදියනට සූතිකාගාර පුහුණුවක්‌ දෙන්නටද සැරසෙන්නේය. බුදු අම්මෝ, මේ දේවල් සිදු වුවහොත් මේ කුහක ඒකාධිකාරයට කුමක්‌ සිදු වනු ඇතිද? කාලයක සිට රටේ සෞඛ්‍ය සේවය "අන්තෝ ජටා බහි ජටා" බවට පත් වෙමින් තිබෙන්නේ මෙකී ගැටලුව හමුවේ නොවේද?

හෙදියනට සූතිකාගාර පුහුණුව දීමේ තීරණය පිළිබඳ ඉකුත් දෙවැනිදා (සිකුරාදා) සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී "රජය මොන තීන්දුවක්‌ ගත්තත් "එය කරන්නට ඉඩ තබන්නේ නැතැයි" කියමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සිංහනාද කරන්නට වූයේද මේ නිසාය.

එහෙත් මෙහිදී අපට ගැටලුවක්‌ මතු වන්නේ සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට පෙරමුණ ගන්නා අතරේ හෙදියනට සූතිකාගාර පුහුණුව දෙන්නට එපා යෑයි බල කරමින් රටේ දරුවන්ට ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය වලකන්නට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ඇති අයිතිය කුමක්‌දැයි විමසා බැලීමේදීය.

කිසිවකු විසින් හෝ එවන් අයිතියක්‌ තමන්ට ඇතැයි සිතමින් ක්‍රියා කරන්නේ නම් ඒ තුළ ඇත්තේ සදාචාරය පිළිබඳ ගැටලුවක්‌ බවද කිව යුතුය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන්ද ඇතුළුව මෙරට සියලු වෛද්‍යවරුන් අද තමන් සිටින තැනට පැමිණ සිටිනුයේ මේ රටේ ජනතාවගේ මුදලින් ලද නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙනි.

එසේම මේ වන විට ප්‍රශ්නගත සම සෞඛ්‍ය උපාධිය හදාරන්නන් මෙන්ම සූතිකාගාර පුහුණුව ලබන්නට සැරසෙන හෙදියන් ඇතුළු සියලු තරාතිරමේ අධ්‍යාපනය හදාරන්නන් සිටිනුයේද එකී නිදහස්‌ අධ්‍යාපනයේ හිමිකාරයන් ලෙසිනි. එසේ නම් "අපට දුන්නට කමක්‌ නැහැ උන්ට දෙන්න එපා" යෑයි ලෙසින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙසේ "ඉණිමගට පයින් අනින" න්‍යායක සිටිනුයේ කුමක්‌ නිසාද?

ඒ පිළිබඳ සිතීමේදී "අබුද්දස්‌ස කාලේ.. ලබුත් තිත්තයි රාළේ.." කියනවා හැරෙන්නට වෙන කියන්නට දෙයක්‌ද නැත.

මේ සියල්ල හමුවේ අවසානයේ ආණ්‌qවෙන් අසන්නට ප්‍රශ්නයක්‌ ද දැන් අපට ඉතිරිව ඇත. අද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කරන්නට පෙරමුණ ගත් අන්දමින්ම හෙදියනට සූතිකාගාර පුහුණව නොදිය යුතුයි ලෙසින් හඬ නගන්නේය.

ඒ අයුරින් හෙට දවසේ සරම කැසපට ගසා ගන්නා එම සංගමය ආණ්‌ඩුවට ඇඟිල්ල දික්‌ කර කැබිනට්‌ මණ්‌ඩලයේ ගණන විසි පහට බස්‌සවා දහතුන්වන සංශෝධනයට අනුව බලයත් බෙදා දීපන් යෑයි කිවහොත් ඒකත් කරන්නට රජය සූදානම්ද?

සමන් ගමගේ


          iridha divaina 11/05/2014
හෙදියන්ට සූතිකාගාර පුහුණුව දීම නිෂ්ඵලයි
- වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

ප්‍රශ්නගත හෙදි සූතිකාගාර පුහුණුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ විමසීමක්‌ කරන්නට මෙහිදී අපි කටයුතු කළෙමු. එහිදී හෙතෙම සිය අදහස්‌ දක්‌වන්නට වූයේ මෙලෙසිනි.

හෙද සේවාව කියන්නේ ගෞරවනීය සේවයක්‌. ඒකේ විවාදයක්‌ නැහැ. නමුත් වින්නඹු සේවාව හා හෙද සේවය කියන්නේ තාක්‍ෂණික ක්‍ෂෙත්‍ර දෙකක තිබෙන්නක්‌. එනිසා හෙදියන්නට වින්නඹු පුහුණුව ලබා දෙන්නට ගෙන ඇති තීරණයෙන් භයානක තත්ත්වයක්‌ නිර්මාණය වෙනවා.

ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියට අනුව සූතිකාගාර සේවය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ නාරි හා ප්‍රසවවේදය පිළිබඳ වෛද්‍යවරුන් සහ වින්නඹු මාතාවන් හෙවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන්. ලොක්‌යේ හෙදියන්ට සූතිකාගාර පුහුණුව දුන් බොහෝ රටවල් මේ වන විට ඉන් ඈත් වී තිබෙනවා.

සැබවින්ම විධිමත් පුහුණුවක්‌ ලබන වින්නඹු මාතවක්‌ දරු ප්‍රසූතියකට දායක වීම වගේ නොවෙයි මාස හයක පුහුණුවක්‌ ලබන ආධුනික හෙදියක්‌ එයට දායක වීම තුළින් මවත් දරුවාත් අවධානමකට ලක්‌ වීමේ ඉඩකඩ වැඩියි. එනිසයි අප කියන්නේ හෙද පාඨමාලාවෙන් පසු සිව් වසරක ක්‍ෂෙත්‍ර පහුණුවකින් අනතුරුව හෙදියනට සූතිකාගාර පුහුණුව ලබා දිම උචිතයි කියලා.

අද ආණ්‌ඩුව හෙදියනට සූතිකාගාර පුහුණුව දෙන්නට යන්නේ 3800ක්‌ පමණ වන වින්නඹු මාතාවන්ගේ හිඟයට පිළිතුරක්‌ ලෙස. නමුත් හෙදියක්‌ පුහුණු කරන්න යන වියදම හා වින්නඹු මාතාවක්‌ පුහුණු කරන්න යන වියදම සස¹ බැලීමේදීත් ඇත්තෙන්ම එය අර්ථ විරහිත ක්‍රියාවක්‌. ඒ වියදම අනුව හෙදියකට පුහුණු කර ඇයට සුතිකාගාර පුහුණුව දී සේවයට ගන්න වැය කරන මුදලින් වින්නඹු මාතාවන් තිදෙනෙක්‌ පුහුණු කර සේවයට ගන්න පුළුවන්.

පැහැදිලි ලෙසම හෙදියන් සූතිකාගාර පුහුණුව ලබා වින්නඹු මාතාව කරන ක්‍රියාව කරන්නට ගියහොත් මේ රටේ මාතෘ හා ළදරු මරණ සංඛ්‍යාව ඉහළ යැමේ අවදානමක්‌ තිබෙනවා. මාතෘ හා ළමා මරණ කියන්නේ රටේ සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර ඇගයීම් දර්ශකයක්‌.

හෙදියන්ට පළමු ශ්‍රේණියට උසස්‌ වීම් දීමේදී සූතිකාගාර පුහුණුවක්‌ දෙන්නේ පරිපාලනයේ පහසුව සඳහායි. නමුත් වින්නඹු මාතාවක්‌ මාස දහ අටක පුහුණුවකින් ගන්න සහතිකය හෙදියක්‌ මාස හයකින් අරගෙන වින්ඹු සේවය කරන්නට යැම භයානකයි.

අද අපේ හෙදියන් හෙදකම කරන්නේ නැහැ. නමුත් හැමදේම භාර අරගෙන කරන්න යනවා. ඒකයි මේ ප්‍රශ්නවලට මුල. ෙෙද්‍ය නිලධාරින් මේ මොහොතේ වින්නඹු මාතාව රැක ගන්න හදන්නේ තාක්‍ෂිනක අවශ්‍යතා රැකගත යුතු නිසයි.

හෙදියන් අද සූතිකාගාර පුහුණුව ඉල්ලමින් මේ කරන්නේ ඔවුන්ගේ වාත්තිය සමිති ශක්‌තිය වර්ධනය කර ගැනීමට උත්සාහ දැරිමක්‌. නමුත් එතැනදී රටේ සෞඛ්‍ය සේවාව අවධානමකට පත් කරන්න ඉඩක්‌ දිය නොහැකියි.

සමන් ගමගේ


Friday, May 9, 2014

Nurse midwife
From Wikipedia, the free encyclopedia
Description: Ambox current red.svg
This article is outdated. Please update this article to reflect recent events or newly available information. (July 2010)
Main article: Midwifery
In the United States, a Certified Nurse-Midwife ("CNM") is an advanced practice registered nurse who has specialized education and training in both nursing and midwifery.
CNMs function as primary healthcare providers for women and most often provide medical care for relatively healthy women, whose birth is considered uncomplicated and not "high risk," as well as their neonate. Often, women with high risk pregnancies can receive the benefits of midwifery care from a Certified Nurse Midwife in collaboration with a physician. Certified Nurse Midwives may work closely or in collaboration, with an Obstetrician & Gynecologist, who provides consultation and/or assistance to patients who develop complications or have complex medical histories or disease(s).
Certified Nurse Midwives practice in hospitals and medical clinics and may also deliver in birthing centers and attend at-home births. They are able to prescribe some medications, treatments, medical devices, therapeutic and diagnostic measures, et al. in all 50 states. CNMs, while their specific scope of practice will vary depending on which state they are licensed to practice, in most states they provide medical care to women from puberty through menopause, including care for their newborn (neonatology), antepartum, intrapartum, postpartum and nonsurgical gynecological care.[1] In some states, CNMs may also provide care to the male partner, in areas of sexually transmitted diseases and reproductive health, of their female patients.[2] Currently 2% of nurse-midwives are men.
Contents
  [hide
·         1 Certification
·         2 See also
·         3 References
·         4 External links
Certification[edit]
Certified Nurse-Midwives in most states are required to possess a minimum of a graduate degree such as the Master of Science in Nursing or Post-Master's Certificate. By 2010, all Certified Nurse Midwives will be required to hold a graduate (Masters) degree.[3] Most recently, the first Doctor of Nursing Practice (DNP) program has become available for Certified Nurse-Midwives and will graduate its first class in May 2010.[citation needed] Additionally, Certified Nurse Midwives must also hold an active Registered Nurse license in the state in which they practice.
The American College of Nurse-Midwives (ACNM) accredits Certified Nurse-Midwifery education programs and serves as the national specialty society for the nation's Certified Nurse Midwives. Midwife means "with woman" and thus is the mantra for the ACNM, "With women for a lifetime". The American College of Nurse-Midwives (ACNM) estimates that soon, one in ten babies in the U.S. will be delivered by certified nurse-midwives.
See also[edit]
Description: Portal icon
·         Obstetrical nursing
·         Mary Breckinridge Founder of Frontier Nursing Service
·         Nursing
·         Nurse Practitioner
·         Midwifery
·         Childbirth
·         Doula
References[edit]
External links[edit]
·         American College of Nurse-Midwives Records (1910-1999) -- National Library of Medicine finding aid

·         American College of Nurse-Midwives Records (1946-1978)—National Library of Medicine finding 

Wednesday, April 23, 2014

nursing news

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් හෙ
සේවයට බඳවා ගැනීමට යෝජනාවක්‌


ඒමන්ති මාරඹේ
රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් (වින්නඹු) සියයට 25 ක්‌ හෙද සේවයට බඳවා ගන්නා ලෙස රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව ක්‍රියාත්මක කළ පසු හෙද සේවයට බඳවා ගන්නා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි කරන ලෙස ද අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අතර ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති කරමින් හෙදියන්ට සූතිකා පුහුණුව ලබා නොදෙන ලෙසට රෝහල් ප්‍රධානීන් වෙත ලිපි යවමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදාචාර විරෝධී ක්‍රියාවක නිරත වී ඇතැයි මුරුත්තෙට්‌ටුවේ හිමියෝ චෝදනා කළහ.

ඊයේ (23 දා) නාරාහේන්පිට, අභයාරාමයේ පැවැති හෙද නියෝජිත සම්මේලනය අමතමින් උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කර සිටියහ. 






bkaÈhdj iy ,xldj w;r isÿl< uyd mßudK jl=.vq cdjdrfï uy fud<lrejka fy<sfõ( fodia;r fudksla iy fodia;r mdfoksh w;a wvx.=jg .kq
^,xld B ksõia -2014'wfm%a,a'24" m'j' 10'30& bkaÈhdj yd ,xldj w;r l%shd;aul jk idmrdë jl=.vq cdjdrfï uy fud<lre fodia;r fudksla kue;af;la nj;a Tyq msgqmi rcfha ffjoH ks,OdÍkaf.a ix.ufha iNdm;s fodia;r mdfoksh yd fi!LH wud;HxYfha f,dlalka /ila we;s nj;a ,xld B ksõia wNHka;r f;dr;=re fiajh fj; fy<sfõ'

bkaÈhdfõ yd ,xldfõ cdjdrïlrejkaf.a fufyhùfuka ,xldfõ l%shd;aul jQ uyd jl=.vq cdjdrula ms<sn|j f;dr;=re fï Èkj, cd;Hka;r ckudOHj,^úfYaIfhka bkaÈhdfõ& /õfohs' Y%S ,xldfõ cvudOHj, fï ms<sn| f;dr;=re i|yka jkafka w,am jYfhks'

oekg bkaÈhdfõ fmd,sish úiska fy,s lr.;a f;dr;=re wkqj isoaêh ir, f,i meyeÈ<s l<fyd;a fuu jl=.vq cdjrfï iq,uq, fufiah'

bkaÈhdfõ isák jl.vq noaO lsÍug wjYH frda.Ska yd jl=.vq oka fokakka bkaÈhdfõ isg ,xldjg m%jdykh flf¾' ta i|yd lghq;= iïnkaëlrKh lrkqfha bkaÈhdfõ zjHmdßl odkm;shkaZ lsysm fokl= yd ffjoHjreka lsysmfofkl= úisks' tys§ bkaÈhdjg jvd wvq úhoulska Y,Hl¾uh ,xldfõ lrk njg frda.Skag fmdfrdkaÿ jk w;r ,ndfok jl=.vq i|yd by< ñ,la f.jk njg jl=.vq odhlhkag fmdfrdkaÿ fõ'

ta wkqj bkaÈhdfõ isg ,xldjg m%jdykh lrk frda.Ska yd jl=.vq odhlhka iïnkaëlrKh lr ,xldfõ m%Odk fmf<a fm!oa.,sl frday,a j,g fhduqlr Y,Hl¾uh isÿ lrkq ,nhs' fï lghq;= i|yd ,xldfõ fi!LH wud;HxYfha wkque;sh ,nd§ we;af;a fi!LH fiajd wOHlaI ckrd,a fodia;r md,s; uySmd, úisks' fi!LH wud;HxYh iu.;a fm!oa.,sl frday,a iu.;a .kqfokq lrñka ,xldfõ isg fuu lghq;= fufyhjd we;af;a fodia;r zfudkslaZ keue;af;ls' fuh b;du ioaNdjfhka flfrk mqKH lghq;a;l wdldrfhka isÿlr we;s kuq;a fuh Nhxlr jl=.vq cdjdrula nj wkdjrKh jQfha miq.shod fld<U ,xld mqoa.,sl frdayf,a ^merKs wemf,da frdayf,a& tjeks Y,Hl¾uhlg Ndckh l< bka§h cd;slhl= yÈisfha ñhhdu;a iu.sks'

wod< frda.shdf.a urKh;a iu. frda.shdf.a {d;Ska úiska ,xld mqoa.,sl frdayf,ka jkaÈ b,a,d we;' tys§ isÿjQ u;.egqï w;r fy<sjQ lreKq wkqj wkdjrKh ù we;af;a Y,Hl¾uh i|yd frda.shdf.ka whlr.;a uqo,;a Y,Hl¾uh fjkqfjka jehjQ uq¿ uqo, yd jl=.vq mß;Hd.l< mqoa.,hdg ,ndÿka uqo, hk foflys tl;=j;a w;r fjki remsh,a ,laI 50 lg tkï fldaá nd.hlg wêl njhs' tkï lsishï w;rueÈ mqoa.,hl= úiska tu uqo, frda.shdf.ka yd jl=.vq mß;Hd. lrkakdf.ka jxpd lr we;s njhs' tu jxpdlre wka lsisfjla fkdj fodia;r zfudkslaZ keue;a;d nj bka§h fmd,sish fï jk úg wkdjrKh lrf.k we;'

fuu cdjdrfuys uy fud<lre fyj;a fodia;r zfudkslaZ keue;a;d ljfrlaoehs ,xld B ksõia wNHka;r f;dr;=re fiajhg wkdjrKh lr.; yels úh'

iïmQ¾K ku( wfòmsáh wdrÉÑf.a fodka fudksla g¾úka ixÔj

wOHdmk iqÿiqlï( tï'î'î'tia' -jir 2000 § bkaÈhdfõ nex.f,da¾ hqksj¾isáfha tï'tia'rduhshd fuäl,a fldf,aÊ wdh;kfhka ffjoH Wmdêh ,ndf.k we;'

Y%S ,xld ffjoH iNdfõ ,shdmÈxÑ Èkh( 2003$10$20

Y%S ,xld ffjoH iNdfõ ,shdmÈxÑ ,shdmÈxÑ wxlh( 18474

^ fudyq iïnkaO ;j;a f;dr;=re Y%S ,xld fuäl,a ljqkais,a fvdÜ ´wd¾Ô frðiagßfha wxl 36 fm< hgf;a ±k .; yelsh &
bkaÈhdfõ ffjoH iNdfõo fudyq ,shdmÈxÑ ù we;

oeka wm úiska fy<s lrkafka ;ju;a ksis mßÈ uyckhdg wkdjrKh fkdjQ fuu cdjdrfuys we;s w;s Nhxlr me;slvh'

,xldfõ ukqIH wjhj noaO lsÍug wod< kS;s Í;s we;=,;a mk;la we;s w;r th záIQ welaÜZ f,i ye¢kafõ' thg wkqj ,xldj ;=< isÿlrk iEu ukqIH wjhj noaO lsÍulgu fmr ta i|yd fi!LH wud;HxYfha úfYaIs; lñgqjlg fhduqlr wkque;sh ,nd.; hq;=h' by; i|yka cdjdrïlre úiska ixúOdkh lrk ,o jl=.vq noaO lsÍï fld<U msysá ish¿u m%Odk fmf<a fm!oa.,sl frday,a ^,xld" wdisß" kjf,dal" fyaudia yd v¾vkaia we;=¿ ;j;a fndfyduhla& ys isÿlr we;s w;r ta ta Y,Hl¾u i|yd fjka fjka jYfhka wkque;sh fok ,o ,smshla ne.ska fi!LH wud;HxYfhka ksl=;a lr we;' tu ,sms j,g w;aika ;nd we;af;a fi!LH fiajd wOHlaI ckrd,a fodia;r md,s; uySmd, úisks'

fuu cdjdrfuys uy fud<lre jk fodia;r fudksla hkq rcfha ffjoH ks,OdÍkaf.a ix.ufha iNdm;s fodia;r wkqreoaO mdfokshf.a ióm;u fm!oa.,sl f,alï jYfhka ks, fkdjk uÜgñka l%shd lrk rcfha ffjoH ks,OdÍkaf.a ix.ufha m%n, idudðlfhls' fodia;r mdfoksh iu.u ksr;=rej .uka ìukaj, fhfokafkls' úfgl fodia;r mdfokshf.a ßhÿre jYfhkao l%shdlrhs'

rcfha ffjoH ks,OdÍkaf.a ix.uh yd úúO jHmdßlhka w;r yjq,a jHdmr iïnkaëlrKh lrkqfha fodia;r fudksla úisks'

ys;j;a ffjoHjrekag cx.u ÿrl:k" mß.Kl" iqmsß jdyk wdÈh wvq ñ,lg f.kajd§ug rcfha ffjoH ks,OdÍkaf.a ix.ufha ksfhdað;hd jYfhka ueÈy;ajkafka fudyqh'

fjfklla ;nd fodia;r wkqreoaO mdfokshf.a zf*da¾â tjriaÜZ j¾.fha iqmsß ðma r:h wdkhkh lr fokq ,enqfõo fudyqf.a ueÈy;a ùfuks' fldákau lshkafka kï fodia;r mdfoksh oekg Ndú;dlrk fudìfg,a cx.u ÿrl:k iïnkaO;djh ,ndf.k we;af;ao fodia;r fudkslaf.a kugh'

2012 jif¾ rcfha ffjoH ks,OdÍkaf.a ix.ufha idudðlhkag wvqñ,g ,emafgdma mß.Kl ,nd.ekSu i|yd wndkaia wdh;h iu. w;aika l< .súiqfï ueÈy;alrejd jQfhao fodia;r fudkslah'

fodia;r mdfoksh 2012 jir w.§ weußldfõ udi foll iqmsß ixpdrhg msg;ajkakg fmr uqo,a wud;HxY f,alï we;=¿ rcfha f,dl=u fudareka fjkqfjka fld<U iqmsß fydag,hl iqmsß idohla iQodkï lf<ao fudyqh'

rcfha ffjoH ks,OdÍkaf.a ix.ufha miq.sh ks,jrK ;=kl§ fodia;r mdfoksh fjkqfjka w; È.yer uqo,a úhoï lrñka m;%sld fmdaiag¾ uqøKh lsÍu yd /iaùï j,g wdydr mdk" úials n%ekaä wdÈh iemhSu isÿlf<ao fudyq yd fodia;r m%shka; nKavdr ^wm úiska fudyqf.a cdjdrï b;sydih óg fmr ,smshlska fy,slr we;& úisks'

óg wu;rj fodia;r mdfokshf.a úfoaY ixpdr .Kkdjlg fudyq wkq.%yh olajd we;'

wm fj; ,eî we;s f;dr;=re wkqj fuu ish¿ úhoï i|yd fodia;r fudksla uqo,a Wmhdf.k we;af;a bkaÈhdfõ wirK jl=.vq frda.Skaf.ka pxpd lsÍfuks' fuu uyd mßudK ukqIH wjhj cdjdrug jD;a;Sh iñ;shla jYfhka wdjrKh imhd we;af;a fodia;r mdfokshhs' ta i|yd Tyqgo .;ukdjla ,efnkakg we;' rcrg m%foaYfha jl=.vq frda.Skaf.a m%Yak fjkqfjka ckudOH bÈßfha lsUq,a l÷¿ y,k fodia;r mdfoksh wirK jl=.vq frda.Skaf.ka jxpdlr.;a uqo,ska msgrg iqmsß ijdß j, ksr;ùu ft;sydislh' ffjoHjrekaf.a jD;a;Sh iñ;shla uyd mßudKfhka ukqIH wjhj cdjdrulg iïnkaO njg f,dalfha m<uqj;djg Y%S ,xldfjkau jd¾;d ùu ,xldjg fldhs;rï wNsudkhlao@

bkaÈhdfõ fmd,sish úiska fuu cdjdrfï f;dr;=re fndfyda ÿrg wkdjrKh lr ;sìh§ ,xldfõ fmd,sish ;ju;a fï ms<sn| mÍlaIKhla fyda fkdmj;ajd fuhg ,xldfõ lsisjl= iïnkaO ke;s njg m%ldY lsÍu ydiHcklh' ,xldfõ n,OdÍka úiska fuh jika lrkakg W;aidy l<o bkaÈhdj úiska fuu f;dr;=re fndfyduhla fy<s lrf.k wjidkh'

fï cdjdrfï iq,uq, fidhd.ekSug Y%S ,xld rchg ienE Wjukdjla we;akï jydu l%shd;auljk mßÈ rcfha ffjoH ks,OdÍkaf.a ix.ufha;a fodia;r wkqreoaO mdfokshf.a;a fodia;r fudksla wfòmsáhf.a;a ishÆ foaYSh yd úfoaYSh nexl= .sKqï ;ykïlr mQ¾K mÍlaIKhla l< hq;=h' fudjqkaf.a ish¿ j;alï nerlï ú.Kkhlg ,la l< hq;=h' idmrdë ukqIH wjhj cdjdrïlrejka jk fudjqka fofokd jydu fmd,sia w;awvx.=jg .;hq;=h' fudjqkaf.ka m%Yaklr fuu cdjdrug fi!LH wud;HxYfha fodia;r md,s; uySmd, we;=¿ wfkl=;a by, ks,OdÍka yd foaYmd,k /ljrK imhkakkaf.a we;s iïnkaO;d uyck;djg fy<s lr.; hq;=h'

fuu cdjdrfï pQÈ;hl= jk fodia;r md,s; uySmd, úiskau fuu cdjdru .ek fiùug lñgq m;alsÍu hq.fha f,dl=u úys¿jh'

fuu idmrdë ukqIH wjhj cdjdrfuka ,xldfõ fi!LH lafIa;%hg cd;Hka;r jYfhka we;s jQ l¿ me,a,u cjdrïlrejka jika lsÍfuka uldoeñh fkdyels nj wms kej;;a wjOdrKh lruq'
-,xld B ksõia úfYaI jd¾;d lrefjl= úisks-


                                 හෙද, මහජන සෞඛ්‍ය සහ පවුල් සෞඛ්‍ය සේවාවන් සඳහා සුදුස්‌සන් සොයා ගැනීම ගැටලුවක්‌ බවට පත්වෙලා
- ඇමැති මෛත්‍රිපාල සිරිසේන

හෝමාගම - ජයසිරි කාරියවසම්

අපේ රටේ සෞඛ්‍ය අංශයේ සුදුස්‌සන් නැති නිසා පුරප්පාඩු තිබෙනවා. හෙද සේවාවට අයෑදුම් කරන්නන්ගෙන් සුදුස්‌සන් ඉන්නේ 60% යි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක තනතුරු වගේම පවුල් සෞඛ්‍ය සේවාවටද සුදුසුකම් ඇති අය සොයා ගැනීම ගැටලුවක්‌ වෙලා යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝමාගම දී පැවැසීය.

2014 වර්ෂයේ නව පාසල් වාරයේ පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෝමාගම නියඳගල විද්‍යා කීර්ති විද්‍යාලයේ දී ඊයේ (16 වැනිදා) පැවැත්විණි. එම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා තවදුරටත් අදහස්‌ දක්‌වමින්á

පවතින රාජ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා දැන උගත් මානව සම්පත් අවශ්‍ය යුගයක්‌ බවට මේ කාලය පත්වී තිබෙනවා. මේ මානව සම්පත් ඌනතාවය ජාත්‍යන්තර මට්‌ටමේ ගැටලුවක්‌ බවටත් පත්වී තිබෙනවා. දකුණු ආසියාවේ ඉහළම අධ්‍යාපනය ඇති රට අපේ රටයි. එහෙත් වර්තමාන රැකියා ක්‍ෂේත්‍රයට අවශ්‍ය ලෙස අධ්‍යාපන ක්‍රමය වෙනස්‌ විය යුතු කාලය මෙය බවට පත්වී තිබෙනවා.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කතා කරමින් ජනප්‍රිය පාසල්වලට ගමේ ළමයි ගිය නිසා ගමේ පාසල් වැසී ගියා. ළමයින් 50 ට අඩු පාසල් වැහෙන නිසා ළමා මිතුරු පාසල් 5000 ක්‌ අපි ඇති කළා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකටම ඉන් පාසල් 3 ක්‌ ලැබෙනවා. සාක්‌ කලාපීය රටවල් 8 අතරින් ඉහළම මානව සම්පත් තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බව එක්‌සත් ජාතීන්ගේ මානව සම්පත් වාර්තාව පෙන්වා දී තිබෙනවා.

උසස්‌ පෙළ හදාරන 51% ක්‌ සිසුන්ට රැකියා හිඟයි. මේ නිසා තාක්‍ෂණවේදය හදාරන්න පාසල් 250 ක්‌ ඇති කළා, යෑයි පැවැසීය.

විදුහල්පති එස්‌. එම්. අයි. ඒ. කේ. සූරියකුල මහතා කතා කරනු ලැබූ අතර හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පාලිත වීරසූරිය මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක්‌ මෙම ජාතික උත්සවය සඳහා සහභාගි වී සිටියහ.
                                                  Divaina 15/02/2014
මතවාදී ගැටලු නිසා සෞඛ්‍ය කටයුතු     පවත්වාගෙන යැම අසීරු වේ

ඒමන්ති මාරඹේ

සෞඛ්‍ය ක්‌ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු ගැනීම සඳහා පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිරතුරුව මතවාදී ගැටුම් ඇතිකර ගැනීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යැම අසීරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විසින් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත පැමිණිලි කර තිබේ.

ඉහත කී උසස්‌ නිලධාරීන් දෙදෙනාගේ ගැටුම් හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා රජයේ රෝහල්වල බලධාරීන් දෙපිලකට බෙදී ඇති අතර මෙම තත්ත්වය මත සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ සංවර්ධන කටයුතුවලටද බාධා එල්ල වී ඇති බව වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විසින් ජනාධිපතිවරයාට කරන ලද පැමිණිල්ලෙහි සඳහන් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අතර පවතින බල අරගලයෙන් අවසානයේදී පීඩා විඳිනුයේ අසරණ රෝගී ජනතාව බව පෙන්වා දෙන සංසදය එවැනි තත්ත්වයක්‌ ඇතිවීම වළක්‌වාලීම සඳහා මැදිහත් වී මෙම අර්බුදය සමථයකට පත්කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත. 
Divana  13/02/2014                                        
                           සූතිකා පුහුණුව සොයා බලන කමිටුවට 
                        කරුණු දැක්‌වීම ප්‍රතික්‍ෂේප කරයි
                       
ඒමන්ති මාරඹේ

රජයේ රෝහල් හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීම සම්බන්ධව සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබූ පස්‌ පුද්ගල කමිටුව හමුවේ කරුණු දැක්‌වීම රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය යන සංගම් විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

හෙද කාර්ය මණ්‌ඩලයෙන් බහුතරය නියෝජනය කරනු ලබන රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය වෙත අදාළ කමිටුව හමුවේ කරුණු දැක්‌වීම සඳහා ඉකුත් සඳුදා (10 දා) පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බව සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ 'දිවයින'ට පැවැසූහ. තම සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලධාරීන්ට හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් හට වාසිදායක අයුරින් පත් කර ඇති පක්‍ෂපාතී කමිටුව මුල සිටම ප්‍රතික්‍ෂේප කළ බව සඳහන් කළ මුරුත්තෙට්‌ටුවේ හිමියෝ ඒ අනුව කමිටුව හමුවේ කරුණු දැක්‌වීම ප්‍රතික්‍ෂේප කළ බව කීහ.

වසර 1886 සිට හෙදියන්ට ලබා දෙන සූතිකා පුහුණුව පිළිබඳව සොයා බැලීම සඳහා දශක ගණනාවකට පසු කමිටුවක්‌ පත් කිරීම විහිළුවක්‌ බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බාහිර ස්‌වාධීන කමිටුවක්‌ පත් කරන්නේ නම් එය හමුවේ කරුණු දක්‌වන බව උන්වහන්සේ සඳහන් කර සිටියහ.

මේ අතර තම සංගමයට කමිටුව හමුවේ කරුණු දැක්‌වීම සඳහා මෙම සිකුරාදා (14 දා) පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීම ඊයේ (12 දා) ප්‍රතික්‍ෂේප කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීවේය.

හෙද සූතිකා පුහුණුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති කමිටුව වෛද්‍ය පාලිත අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වන අතර, මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් හා රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සංගමයෙන් කරුණු ලබාගෙන තිබේ.                                                                             
ලියාපදිංචි, සහකාර වෛද්‍යවරුන්ගේ 
එම්බීබීඑස්‌ උපාධියට බාධා කළොත් දැඩි දඬුවම්- අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

සරත් ධර්මසේන

තුන් අවුරුදු පුහුණු පාඨමාලාවක්‌ හදාරා විභාගයකට පෙනී සිට සමත්වන සහකාර සහ ලියාපදිංචි වෛද්‍යවරුන්ට එම්.බී.බී.එස්‌. වෛද්‍ය උපාධිය පිරිනැමීමට යෙදූ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට කවුරු හෝ උත්සාහ කළහොත් තරාතිරම නොබලා ඔවුනට දැඩි දඬුවම් පමුණුවන බව අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා ඊයේ සඳහන් කළේය.අගවිනිසුරුවරයා එසේ පැවසුවේ සෑහෙන කාලයක සිට වෛද්‍ය වෘත්තියේ යෙදෙන තමනට රජයේ වෛද්‍යවරුන් වශයෙන් පිළිගැනීමක්‌ ඇතිව වෘත්තිය කටයුතු කර ගෙන යාම සඳහා එම්.බී.බී.එස්‌. උපාධියට පෙනී සිටීමට අවසර දෙන ලෙස වෛද්‍ය සභාව ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි සහකාර හා ලියාපදිංචි වෛද්‍යවරුන් 61 දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් සලකා බැලූ අවස්‌ථාවේදීය.

ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගයකට අනුව තුන් අවුරුදු පාඨමාලාව පෙරේදා (25 දා) ආරම්භ කළ නමුත් ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන් එක්‌ අයෙක්‌වත් ඊට සහභාගි වූයේ නැතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දේමුනි ද සිල්වා මහත්මිය ඊයේ මුලින්ම දැනුම් දුන්නාය.

අනතුරුව උසාවියේ සිටි සහකාර වෛද්‍ය නිලධාරීන් තිදෙනකු ඉදිරියට කැඳවූ අගවිනිසුරුවරයා පාඨමාලාවට සහභාගි නොවීමට හේතුව විමසූවිට ඔවුන් කියා සිටියේ පාඨමාලාව හැදැරීමට අවශ්‍ය භාණ්‌ඩ රැස්‌කර ගැනීමට සහ සේවයෙන් නිවාඩු ලබාගැනීමට කල්වේලා මදිවූ නිසා සහභාගිවීමට නොහැකි වූ බවයි.

මෙය ඔබලාට ලැබුණ ඉතා වටිනා අවස්‌ථාවක්‌. ප්‍රයෝජනය නොගෙන ඉන්න එපා. බාධාවක්‌ ඇත්නම් අපට කියන්න. යම් රාජකාරියක යෙදී සිටියා නම් ඒ සියල්ල වෙන අයට පවරා පාඨමාලාවට සහභාගිවී වෛද්‍ය උපාධිය ලබාගන්න. එවිට රජයේ වෛද්‍යවරුන් හැටියට හොඳ පිළිගැනීමක්‌ සහ ගෞරවයක්‌ ඇතිව වැඩ කරගෙන යන්න පුළුවන් යයි අගවිනිසුරුවරයා ඔවුනට අවවාදාත්මක ලෙස දැනුම් දීමක්‌ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුලසිටම සහකාර සහ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට එම්.බී.බී.එස්‌. උපාධි පිරිනමනවාට විරුද්ධ විය. එම සංගමය කියා සිටියේ එම්.බී.බී.එස්‌. විභාගයට පෙනී සිටීමට තරම් සුදුසුකම් ඔවුන් ලබා නැති බවයි. රුසියාවේ වසර 03 ක්‌ වෛද්‍ය විද්‍යාව හදාරා උපාධි ලබා සිටින බව ඇතැමෙක්‌ පැවසුවත් එය සම්පූර්ණ අසත්‍යයක්‌ බවත් මනා දැනුමක්‌ ලබා නැති අයට එම්.බී.බී.එස්‌. වෛද්‍ය උපාධිය පිරිනැමුවහොත් එම උපාධිය හෑල්ලුවට ලක්‌වන අතර ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක්‌ ලැබීමට ඇති අවස්‌ථාව අහිමි වන බවත් එම සංගමය මේ විභාගයේදී දිගටම දැක්‌වූ ප්‍රතිචාරයයි.

ලබන 07 දා පෙත්සම යළි කැඳවීමට නියමිතය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි අතර අධිනීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස්‌ මහතා ඇතුළු නීතිඥවරු කීප දෙනෙක්‌ පෙනී සිටියහ.

සම සෞඛ්‍ය උපාධිය ලැබූ  Divaina  01/03/2014

හෙද උපාධිධාරීන් 312 න් 245 දෙනෙකුම බඳවා ගැනීම ප්‍රතික්‍ෂේප කරලා

ඒමන්ති මාරඹේ

රජයේ විශ්වවිද්‍යාලවලින් සම සෞඛ්‍ය උපාධිය ලැබූ හෙද උපාධිධාරීන් 312 දෙනාගෙන් 245 දෙනකුම වයස්‌ සීමාව මත බඳවා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතික්‍ෂේප කර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

වසර 4 ක කාලයක්‌ මහජන මුදලින් සම සෞඛ්‍ය උපාධිය හැදෑරූ මෙම හෙද උපාධිධාරීන්a පිරිස බඳවා ගැනීම ප්‍රතික්‍ෂේප වී ඇත්තේ හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේදී විභාගයක්‌ පැවැත්වීමටත් ඒ සඳහා ඉදිරිපත් වන උපාධිධාරීන්ගේ වයස්‌ සීමාව අවුරුදු 18 - 28 දක්‌වා සීමා කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගැනීම බව හෙද නිලධාරීන්ගේ සංගමය කියයි.

මේ අනුව මහජන මුදලින් සම සෞඛ්‍ය හෙද උපාධිය හැදෑරූ උපාධිධාරීන්ගෙන් බඳවා ගෙන ඇත්තේ උපාධිධාරීන් 67 දෙනකු පමණකැයි චෝදනා කරන හෙද නිලධාරීන්ගේ සංගමය සම සෞඛ්‍ය උපාධිලාභී පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීන් සියලුදෙනා වයස්‌ සීමාවකින් තොරව සේවයට බඳවා ගනිමින් හෙද උපාධිධාරීන්ට පමණක්‌ වයස්‌ සීමාවක්‌ පැනවීම බලවත් අසාධාරණයක්‌ බව අවධාරණය කර සිටී.

සම සෞඛ්‍ය උපාධිලාභී සියලු හෙද උපාධිධාරීන් වහාම සේවයට බඳවා ගැනීමට කටයුතු කරන ලෙස එම සංගමය සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලීමක්‌ද කර තිබේ.
 


Wednesday, October 16, 2013

Duties and Tasks

Registered nurses may perform the following tasks:
  • provide physical and technical nursing care and support for patients
  • make sure patients receive treatment prescribed by doctors and other health professionals
  • provide emotional and psychological support and information to patients and their families
  • supervise, or carry out, nursing care of patients
  • observe, monitor, assess, report and document patients' conditions and responses to treatment
  • give medicines in accordance with sound working knowledge of legislation and pharmacology
  • monitor and adjust medical equipment used in patient care and treatment, which can be highly technical and complex
  • prepare patients for operations or provide post-operative care such as wound care and nutritional management
  • assist in the rehabilitation of patients
  • assist with patients' discharge planning
  • provide first aid, assist in routine medical examinations, give advice on health matters and maintain sickness and accident records (where employed by large industrial or commercial organisations)
  • answer questions and provide information to patients and families about health promotion, treatment and care
  • supervise enrolled nurses and other hospital staff.

Work Conditions

In hospitals, nurses usually work according to a rotating seven-day roster that includes morning, afternoon and night shifts, as well as weekends and public holidays. In other areas, the hours depend on the service.

Personal Requirements

  • good communication skills
  • able to assume responsibility and a leadership role
  • able to take initiative in emergencies
  • tolerance, patience and tact in dealing with people from a wide range of backgrounds and cultures
  • able to work both independently and as part of a team
  • able to cope with the mental and physical demands of the job.

  




1